crest

யாழ்ப்பாண அரச குடும்பத்தின் அதிகாரப்பூர்வ இணையத்தளம்

The Official Website of the Royal Family of Jaffna (Sri Lanka)

යාපනය රාජකීය පෙළපතේ නිල වෙබ් අඩවිය

King Statue

News

රාජධනී නිලයම් මාධ්‍ය නිවේදනය

The Coat of Arms

ஆரியச்சக்கரவர்த்தி வம்சம்ආර්ය චක්‍රවර්තී රාජවංශය

Arya Cakravartti Dynasty

PRESS RELEASE


“අපේ‍්‍රල් 21 වන දින ලංකාවේ එල්ල වු ත‍්‍රස්ත ප‍්‍රහාර සහ එහි නොසන්සුන්කාරී කාලයන් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහභාගී වු මාගේ වාර්තාව මහජනතාට සහ මාධ්‍යයට ඉදිරිපත් කිරීමට මට සුදුසු කාලයක් අවශ්‍යය වු බැවින්. අද දින මාගේ ප්‍රකාශයන් මහජනතාවට සහ මාධ්‍යයට ඉදිරිපත් කිරීම ප්‍රයෝජනවත් වේවි”.

පසුගිය 2019/03/18 සිට 22/03/2019 දින වල එක්සත් ජාතීන්ගේ සංගමයට ලංකා සාමාජිකයෙක් ලෙස සහභාගි වුණා ලංකාවේ අද යුද්ධය අවසන් වී තිබුණද එය ප්‍රතිවිපාකය මහජනයා තුළ දැකගත හැකිවීම දුකට හේතුවක් වේ. මාගේ ප්‍රධාන අරමුණ වනුයේ අද දින ඇතිවී තිබෙන සාමය ස්ථිරවම හා දීර්ඝ ව පවත්වාගෙන ලංකාවේ ජීවත් වෙන සිංහල භාෂා හා දෙමළ භාෂාව කතා කරන අප දෙගොල්ලොම සාමයෙන් හා නිරෝගීමත්ව ජීවත්වීමයි. ජනතාව මෙතෙක් කාලයක් අත්විඳපු අමාරුකම් ඉවත්වී ඔවුන්ගේ ජීවන රටා තත්වයෙන් උසස් කර ගැනීමටත් මින් පසුව එන යොවුන් සමාජයේ අධ්‍යාපනය වර්ධනය වීමටද ලාංකිකයන් වශයෙන් අප දෙගොල්ලන්ටම සාමය ඉතා අත්‍යවශ්‍ය වේ. මෙම සාමය අපගේ පෞද්ගලික තාවයන්ට උල්ලංඝනය කිරීම අපේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට සමාන වේ. සාමය යනු රටේ සංවර්ධනය ශක්තිමත් කිරීමට මිස වැරදි ලෙස භාවිතා කර අපව විනාශ කිරීමට නොව.

මම එක්සත් ජාතීන්ගේ සංගමය කිසිදු දේශපාලන පක්ෂයකට සාපේක්ෂව කතා නොකරමි අපගේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ නිරෝගිමත් ජීවන රටාව වෙනුවෙන් හා මාගේ හදවතේ ඇති කැක්කුම මාගේ ලංකාවේ මහජනතාව මා හට හැකි අයුරින් පෙන්නුම් කරමි. බොහෝ මාධ්‍ය ජාලයන් මම එහි කතා නොකරපු දේවල් කතා කළා යැයි වැරදි ලෙස ප්‍රවෘත්ති පළ කර තිබුණ ද කවුරු කොහොම පැවසුවත් මම මාගේ ජනතාවගේ යහපත වෙනුවෙන් සේවය කිරීමට ආඩම්බර වෙමි. පෘතුගීසින් යාපනය රාජ්‍යය අත්පත් කරගැනීමට පෙර යාපනය රාජධානිය විශේෂත්වයන් හා ස්වාධීන රාජධානියක් වේ ඉන්පසු ලන්දේසීන් අත්පත් කරගෙන අවසානයේ ඉංග්‍රීසීන් යටත් කර ගනීඒ කාලේ ලංකා දූපතේ තිබුන ස්වාධීන රාජධානි තුනක් එකට එකතුකර එක් රටක් ලෙස ඉංග්‍රීසීන් පාලනය කළහ. ලාංකිකයන්ගෙන් ඉල්ලීම් මත ලංකාවේ එක් පාලන රාජ්‍යයක් ලෙස නිදහස දී ඉංග්‍රීසි ලංකාවෙන් සමුගත්තේය.

නිදහස ලබා දුන් මෙම කාලවකවානුවෙ සිංහල හා දෙමළ ජනතාව එකමුතුව එකට ජීවත් වෙන බවට බ්‍රිතාන්‍ය රජතුමාපොරොන්දු දුන් බව සඳහන් වී ඇත. මෙලෙස පාලන තුනකට බෙදී තිබුණු ලංකාව අද ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස එක රාජ්‍යයක් ලෙස පත්විය."මටද මුළු ලංකාවම පාලනය කරන්නට කැමැතියි" කියන මතය මෝඩකමක් වේ. මන්ද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමි රට පාලනය කරන පාලකයන්ට ද මා ගරු කරමි,මක්නිසාද මමත් ලංකා ඉතිහාසයට කොටසක් ලෙස සිටින නිසා මාගෙ ලංකා ජනතාවට සේවය කිරීමට ද කැමැත්තෙමි ඔවුන්ට සේවය කිරීමට දැඩි ආසාවක් මා තුළ ඇත, ඒ නිසා තමන්ගේ පෞද්ගලික තාවයන් හා ඔවුන්ගේ ආඩම්බර තාවයට රණ්ඩු වන දේශපාලකයන්ට මාව සමාන කරන්නට එපා. මම දේශපාලඥයන්ට වඩා උසස් කෙනෙක් මමත් රාජවංශයට අයත් පුද්ගලයෙක් ජනතාවට ක දෙයක් කරලා එකෙන් ආඩම්බර වෙන්නට මට අවශ්‍ය නෑ. මම සැඟවී සේවය කළත් මගේ රාජවංශ උපත වෙනස් වෙන්නේ නැත. මා ගැන විමසන මාධ්‍යයන්ට කියන්නට කැමති සියලු මාධ්‍යයන් ජනතාවට ඇත්ත පෙන්නුම් කළ යුතුය, අන්ධවු ලෝකෙට ඇස් දෙක ලෙස සිටින්නේ මාධ්‍යයයි, ඔබ හරි දේ හරියට විමසන්නේ නැතුව ජනතාවට යම් ප්‍රවෘත්තියක් ගෙන යනවනම් ඇණයක් නැතිව දුවන කරත්තයක රෝදයක් මෙන්ය එම කරත්තයේ රෝදය ගැලවී කරත්තය ද විනාශ වීමට හැක, රටේ නීතියත් ඇණයක් නැති කරත්තයක රෝදය මෙන් දවසක් ගැලවීයාමට පුළුවන්ය. ඔබ මං ගැන යමක් ලියන්නට ප්‍රථමයෙන් මා සමඟ සාකච්ඡා කර නිවැරදි දේ ලබාගත හැක,මම කිසිම දවසක මාධ්‍යයන් මග හරින කෙනෙක් නෙමෙයි. මම ජනතාව මුලාකර ජීවත්වෙන්නට දේශපාලනඥයෙක් නෙවෙයි. මගේ ලාංකික ජනතාව ඔබ ලබාදෙන බොරු චෝදනා හා ප්‍රචාර දැන ගත් විගසම විශ්වාස කරන්නේ නැත, ඔහුන් මා ළඟට පැමිණ මා සමඟ සාකච්ඡා කර ඇත දැනගන්නවා බුද්ධිමත් මිනිසුන්ය.

මම ඔහුන් ගැන ඉතා ආඩම්බරයෙන් සතුටු වෙමි, ඒ කාලයේ ජනතාව රජතුමා වෙත ගියා අද මම ඔබව සොයාගෙන එනවා, මා පවසන පරිදිම මා සොයාගෙන මා ළඟට එන සියලු දෙනාටම ඉතා ප්‍රීතියෙන් හා හදවතින් පූර්ණව සේවය කරන්නේමි, මේ අවස්ථාවේදී මා ස්තුතිවන්ත වෙමි මාව මුණ ගැසී මට සුබ පැතුවා වූ සියලු දෙනාටම, ලංකා රජයෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ එදා සිංහල දෙමළ ජනතාවට ඇති වූ ප්‍රශ්නය බුද්ධිමත් ලෙස විසඳීමට නොහැකි ව අවුරුදු 30ක කාලයක් යුද්ධයට මුහුණදීමට සිදුවනු ලෙස, තවත් එක්සත් ජාතීන්ගේ සංගමය විසින් සිංහල දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් නොකර කාලය දීර්ඝ නොකරන මෙන් ද උතුරේ ජනතාවගේ යුද්ධ කාලවකවානුවල අතුරුදන් වූ අයද ජනතාවගෙන් උදුරාගත් ඉඩම් ඉක්මනින් විමසා බලා ජනතාවට ලබාදී එදිනෙදා ඔවුන්ගේ ජීවන රටාව නිසියාකාරව ගෙන යන්නටස්ථිර විසඳුමක් ලබාදීම නැවත යුද අවදානමක් ඇති නොවන ආකාරයට හා ලාංකිකයන්ගේ එකමුතු භාවය රැක ගැනීමට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මා අණකරමි.

යුද්ධය අවසන් වී අවුරුදු 10 ගතවූ පසුවත් තවමත් උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට නිසියාකාරව විසඳුමක් නොලැබීම නිසාජනතාවට නැවතත් රටේ රජය ගැන එපාවීමක් ප්‍රශ්න ගැටලු සුළු කිරීමක් ඇති වීය හැක,ඔබගේ දේශපාලන පක්ෂ කරේ නිතර ප්‍රශ්නය ඇති කර ගැනීම් නතර කර ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස ජනතාවට කළ යුතු වගකීම් නිසි ආකාර කිරීමට වගබලාගත යුතුයුද්ධ කාලයේ නිහඬ ව සිටි යුද්ධයට කිසිම විරුද්ධත්වයක් නොකර යුද්ධයෙන් ජනතා විඳපු දුෂ්කරතාවය දැකත් රටක දේශපාලඥයන් ලෙස කිසිදු ක්‍රියාමාර්ගයක් නොකර නිහඬව සිටියා වූ උතුරේ දකුණේ දේශපාලඥයින් එක්සත් ජාතීන්ගේ සංගමය අසුන්ගෙන සිටීම දැක මා විස්මයට පත්විය. එදා ඔහුන්ගේ දේශපාලන ශක්තිය මහ ජනතාවට කිසිදු ක්‍රියාමාර්ගයක් නොකර අද මෙතුමා නැති අවස්ථාව ප්‍රයෝජනයට ගෙනඅද ඔවුන් මහ ජනතාවට උදව් කිරීමට පැමිණෙන ලෙස මුලා කිරීම දැක මා වියපත් වෙමි,අද එතුමාගේ නම භාවිතා කර ජනතාවගේ ඡන්ද ලබා ගන්නට පුළුවන් යැයි සිතයි, මෙම අය පිටරට වල වියදම් කරන මුදල් උතුරේ දකුණේ දේශපාලනඥයෝ සංක්‍රමණය විය ඇති උතුරේ ජනතාවගේ ආයතන වලට හා යාපනය ජනතාවගේ සංවර්ධනයට වියදම් කළොත් බොහෝ යහපත් සිදුවිය හැක, අප රටේ නඩු විසඳීමට උගත් විනිසුරුවරුන් නැතිද? අප රටේ නඩු වලට විසඳුම් ලබා ගැනීමට පිටරටට ඇයි අප මහජනතාවගේ සල්ලි වියදම් කරන්නේ? මහජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට අප රටේ උපාධිධාරින් නැතිද? එක් කාල වකවානුවක ආසියා මහද්දීපයේ උගත් විශිෂ්ට මිනිස්සු ජයග්‍රහණය කළ මිනිසුන් බිහිවුණේ ලංකාවේන්ය, අපේ ප්‍රශ්න අපට විසඳීමට නිසි පුද්ගලයෙක් අප රටේ නැති වී සිටීම ලංකාවට මහත් ලැජ්ජා විය යුතු කරුණක් වෙ, මහජනතාවගේ මුදල් අපතේ වියදම් වෙනවා අප රටේ විතරක් අප රටේ, උගත් උපාධිධාරීන් නොමැති නිසා අද අපි පිටරටින් ඉල්ලනවා නීතිය සාධාරණය අපට ලබා දෙන්න කියලා, ලංකාවේ නීතියේ නෑ උගත් මිනිස්සු නෑ ජනතාවට යහපත සොයා බලන කෙනෙක් නැහැ, එදා ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලංකාව අද එහි වටිනාකම පිට රට ඉදිරියේදී අහිමිවී තිබීම දුක කාරණාවක් වේ. ලංකාදීපය සහෝදරත්වයේ නමැති සාගරයෙන් වටවී සාමය නැමැති සරත්ව යෙන් වර්ධනයවී දියමන්ති නමැති යෞවනයන් මෙලොවට බිහි කරන්නට මම දෙවියන්ට ප්‍රාර්ථනා කරමි.


Rajadhani Nilayam
The Netherlands