crest

யாழ்ப்பாண அரச குடும்பத்தின் அதிகாரப்பூர்வ இணையத்தளம்

The Official Website of the Royal Family of Jaffna (Sri Lanka)

යාපනය රාජකීය පෙළපතේ නිල වෙබ් අඩවිය

King Statue

News

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ අනපේක්ෂිත ලෙස ඇති වි තිබෙන COVID-19 වසංගතය හේතුවෙන් මෙම පණිවිඩය නිකුත් කරන ලදී.

The Coat of Arms

ஆரியச்சக்கரவர்த்தி வம்சம்ආර්ය චක්‍රවර්තී රාජවංශය

Arya Cakravartti Dynasty

A MESSAGE FROM HRH THE RAJA REMIGIUS KANAGARAJAH OF JAFFNA
FOLLOWING THE SINHALA AND TAMIL NEW YEAR


සිංහල දෙමළ අලුත් අවුරුද්ද යනු විශේෂ උත්සව අවස්ථාවක් වේ .එය පරණ අවුරුද්ද අවසන් කර අලුත් අවුරුද්දක ආරම්භය සැමරිමයි.

සෑම අවුරුද්දක්ම මෙය ඉතා ප්‍රීතියෙන් සමරන ලදි. නමුත් මේ උදා වි ඇති COVID-19 වාතාවරණය හේතු නිසා සිංහල දෙමළ අලුත් අවුරුද්ද එකමුතුව සැමරීමට නොහැකි තත්ත්වයක් උදා වි ඇත.

දැන් අපට වැදගත්ම අරමුණක් වි ඇත්තේ මෙම වසංගතය (රෝගය) පැතිරීමෙන් ජනතාව ආරක්ෂා කිරීම සහ මෙම රෝගය පැතිරීම වැළැක්වීමයි. සුපුරුදු ලෙස අපට ද අප පවුලේ අය සමග ද නෑදෑ හිතමිතුරන් සමග ද මෙම උත්සව සමය සැමරීමට නොහැකි වි ඇත. මේ හේතු නිසා මම ඔබගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ ගෙදර සිට ම මෙම අවුරුදු සමය සමරන ලෙසටය. එලෙස සැමරිමෙන් රෝගය පැතිරීම ඉතා පහසුවෙන් වැළැක්විය හැක.

ඔබ සියලුම දෙනා නිවස්වලට වී සිටින අවස්ථාවේ දී ක්‍රියාශීලිව ද නිර්මාණශීලිව ද ක්‍රිය කිරීමෙන් ඔබ ඔබව ආරක්ෂා කර ගනිමින් ද නෑදෑ හිතමිතුරන් සහ අසල්වැසින්ට ද උදව් උපකාර කරන්න.

ඔබ සියලු දෙනාම බය නොවී ඔබටත් අන් අයටත් සිමා පරතරයක් තබාගන්න. රජයේ නිලධාරීන්ගේ අණපනත් පිළිපදින ලෙස ද, ඔබගෙන් ඉල්ලා සිටිමි.

මෙම COVID-19 නිසා බොහෝ වැරදි තොරතුරු මාධ්‍ය ජාලය තුල පැතිරෙන බැවින් අසත්‍ය තොරතුරැ නොපිළිපදින්න. එමෙන් ම රජයේ නිලධාරීන් හා ඔබගේ වෛද්‍යවරුන් පවසන දේ පිළිපදින්න. අපි සියලුම දෙනා එකමුතුව මෙම අභියෝගය ජය ගනිමු. අපට යහපත් හා දිප්ත්තිමත් අනාගතයක් ඇත. අපගේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සේවය ද මා අගය කරමි.

ඒ වගේම රටේ වෛද්‍යවරුන්ද හෙදිවරුන්ද සහකාර වෛද්‍යවරුන්ද සහ සෞඛය මණ්ඩලයේ සියලුම මහත්වරුන්ට මගේ හෘදයංග පුර්ව ස්තුතිය පලකරමි.

අවසාන වශයෙන් සඳහන් කරන්නට කැමති වන්නෙ මෙම COVID-19 ජය ගැනිමට නම් අපි සියලු දෙනා එකමුතු වී සිටීම අනිවාර්ය වේ. මේ අභියෝගය ඉතා ඉක්මණින් අපි ජයගන්නෙමු ලෙස මම විශ්වාස කරමි.

මම ඔබ සමග නොසිටියත් මගේ ප්‍රර්ථනාව සහ මගේ මතකයන් ඔබ සමග වේ.

ඔබ සියලු දෙනාටම සිංහල දෙමළ සුභ අලුත් අවුරුද්දක් වේවා!

Rajadhani Nilayam
The Netherlands