crest

யாழ்ப்பாண அரச குடும்பத்தின் அதிகாரப்பூர்வ இணையத்தளம்

The Official Website of the Royal Family of Jaffna (Sri Lanka)

යාපනය රාජකීය පෙළපතේ නිල වෙබ් අඩවිය

King Statue

News

2021 මැයි 20 වන දින "මැයි 18" නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සිංහල පරිවර්තනය

The Coat of Arms

ஆரியச்சக்கரவர்த்தி வம்சம்ආර්ය චක්‍රවර්තී රාජවංශය

Arya Cakravartti Dynasty

PRESS RELEASE


2021 මැයි 18 දිනයට නියමිත වූ අනුස්මරණය පිළිබදව මාගේ නිහඩතාවය ගැන කිහිපදෙනෙක් විමසන ලදි. ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරා සිවිල් යුද්ධයක් පැවතියේ කෙසේද යන්න පිළිබ`දව මම මවිත වෙමි. එම යුද්ධය වාණිජකරණයට ලක් වූ යුද්ධයක් බව මා දරන මතය වේ. එහිදී දේශයක් වෙනත් දේශයකට එරෙහිව සටන් නොවැදුණි. එකම භුමියක උපත ලබා පෝෂණය වූ ජන වාර්ගික දෙපිරිසක් එකිනෙකා සමග සටන් වැදුණෝය. ශ්‍රී ලාංකිකයෙක්, ශ්‍රී ලාංකිකයෙකුට එරෙහිව අවි ගත්තේය, එකිනෙකාගේ මරණයට වගකිවයුත්තන් වූයෝය.

1983 දී ලංකාවේ විසූ සිංහල සහ දෙමළ ප‍්‍රජාවන් අතර සිවිල් යුද්ධයක් ආරම්භ විය. තිස් වසරකට ආසන්න කාලයක් පැවති ඒ කුරිරු යුද්ධය 2009 වසර දී අවසානයකට ලක් විය. මීට වසර 12කට පෙර යුද්ධය අවසන් වුවද ලෙයින් තෙත් වූ එහි මතකයන් තුළ තවමත් අප කි`දා බැස අපගේම සහෝදර ශ්‍රී ලාංකිකයින්ව ත‍්‍රස්තවාදියකු, අන්තවාදියකු සහ බෙදුමිවාදියකු ලෙස පදනම් විරහිතව හංවඩු ගසමින් කල් ගෙවන්නෙමු. යුද්ධයෙන් අපට ලැබුණු ප‍්‍රතිලාභය කුමක්ද? තිසි වසරක ලේ වැගිරීම් ගැන නොනවත්වා අනුස්මරණය කිරීමෙන් අපට කිනම් ප‍්‍රයෝජනයක් ලැබෙනු ඇත්ද? දෙපිරිසෙන්ම අහිංසක ජීවිත අහිමි විය. අපගේ ¥ දරුවන්ගේ සෞභාග්‍යමත් අනාගතයට, අතීතයෙන් අපගේ පාඩම ඉගෙන ගෙන, අපගේ වර්තමානය හැඩ ගස්වා ගත යුතුය.

සමස්ථ ශ්‍රී ලාංකාවම යුද්ධය නිසා කැලැල් වූ ශාරීරික, මානසික, ආර්ථික සහ සමාජයීය තත්ත්වයන් තවමත් ප‍්‍රකෘතිමත් කිරීමේ වෑයමක යෙදී සිටියි. නිසැකවම යුද්ධය නිසා තවමත් කකියන එම හදවත් වලට කාලයාගේ සහය අවශ්‍ය වේ. යුද්ධයේ අවධාන කේන්ද්‍රය බවට මෙම දෙපිරිස අතර පැවති මත ගැටුම් පත් වුවද, මෙම දෙපිරිසම සංහිදියාවෙන් එකිනෙකා සමග සුහදව නෑ හිත මිතුරන් ලෙස ජීවත් වන අයුරු පිළිබද අදටත් සාක්ෂි දැරිය හැකි අවස්ථාවන් බොහෝමයක් ඇති බවට මම විශ්වාස කරමි. අපගේ මුතුන්මිත්තන්ගෙන් අපට උරුම වූ උත්තරීතර දායාදය වනුයේ සංහිදියාවයි. අතීතයේ ශ්‍රී ලංකාව, ලෝ පුරා, ආගමික හා ජන වාර්ගික සංහිදියාව නිරූපණය කළ පරමාදර්ශයක් විය. අවාසනවකට මෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැවොම අපගේ මුතුන්මිත්තන්ගෙන් ලත් දායාදය රැුක ගැනීමට අපොහොසත් වී ඇත්තෙමු. දේශපාලඥයින්් සාර්ථක අන්දමින් යුද්ධයට මූලික හේතුව ලෙස ජන වාර්ගික හා ආගමික වෙනස්කම් බව ලොවට තරයේ ප‍්‍රකාශ කළහ. අදටත් මෙම වෙනස්කම් විදහා පාමින් රට තුළ වෙසෙන විවිධ ජන වාර්ගික පිරිස් අතර ගැටුම් ඇති කිරීමේ ප‍්‍රයත්නයන් දරනු ලැබේ. අපගේ වෙනස්කම් අපට ශක්තියක් විය යුතුයි.

යුද්ධය ප‍්‍රථමයෙන්ම ජනනය වනුයේ් මිනිසුන්ගේ සිත් තුළයි. යුද්ධයකදී භාවිතා කරනු ලබන අවි වලට වඩා ප‍්‍රභල වනුයේ බුද්ධිමත් මනසකි. මිනිස් ජීවිත වලට ගරු කිරීමට හා සාමය පැතිරවීමට දත් යහපත් සාරධර්ම හා උගත් චින්තනයකිත් යුත් දරු කැළක් අප රට තුළ බිහි කළ යුතු වෙමු. දේශපාලන මායම් හා ප්‍රෝඩාවන්ට හසු නොවන නැණවත් පරපුරක් ගොඩනැගිය යුතු වෙමු. ජීවත් වීමේ අයිතිය මෙලොව වෙසෙන ඕනෑම මිනිසකුගේ මූලික අයිතිවාසිකමකි. අතෙහි ඇ`ගිලි සමාන නොවන සේම ලෝ වැසි සියල්ලෝම එකම ජන වර්ගයකට, ආගමකට සහ වර්ණයකට අයත් පුද්ගලයින් විය යුතුයැයි අපේක්ෂා කිරීම අනුවණයි. අපි විවිධත්වය අගයමින්, විවිධත්වය තුළින් එ්කත්වය අත්දැකීමට පෙළඹිය යුතු වෙමු.

සිංහල සහ දමිළ ප‍්‍රජාවන් අතර පවතින වෙනස්කම් පසෙකලා එකමුතුකම ප‍්‍රවර්ධනය කළ යුතුයි. මූලාරම්භයක් ලෙස දෙපිරිසම එකිනෙකාගේ භාෂාව ඉගෙන ගත යුුතුයි. මෙමගින් එකිනෙකා වටහා ගැනීමේ ප‍්‍රවනතාවය අධික වේ.

යුද ස්මාරක, යුද්ධයට ගොදුරු වූවන්ගේ ජීවිත සිහි කිරීමට, ඔවුන් ඉගැන් වූ යහපත් දේ මතකයට ආවර්ජනය කිරිමට හා ඔවුන්ගේ මතකයන් සැමරීමට රුකුළක් විය යුතුයි. මෙම සිහිවටන, සියල්ලන්ට තම සියැසින් දැක ගෞරවාචාර පුද කළ හැකි ස්ථානයක ඉදි කළ යුතුයි.

සියලූම ශ්‍රී ලාංකිකයින් සමගියෙන් හා සංහි`දායාවෙන් ජීවත් වීම මාගේ හෘදයාංගම අපේක්ෂාවයි.

ශ්‍රී ලංකාව තුළ සාමය පැතිර පවත්නා ලෙස මම ප‍්‍රාර්ථනා කරමි.


Rajadhani Nilayam
The Netherlands